ඉගුආසු දිය ඇල්ල
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විශ්මිත සොබාදහමේ තවත් අපුර නිර්මාණයක් ගැනයි. බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආජන්ටිනාවේ මිඩියන්ස් පළාතට අයත් ඉගුආසු දිය ඇල්ල ඉගුආසු ගංගාවේ පිහිටා ඇත.
මෙය දිය ඇලි පද්ධතියකි. මීටර 2700 ක් පළල මෙම දිය ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකින් නිර්මිතයි. මෙහි උසම ඇල්ල මීටර 82 කි. බොහෝ දිය ඇලි මීටර 64 ක් පමණ උසකින් යුක්තය. මෙහි ප්‍රධාන ඇල්ල 'යක්ෂයා ගේ උගුර' නමින් හදුන්වයි. මීටර 150 ක් පළල මෙහි හැඩය 'u' අකුරේ හැඩ ගනී. තත්පරයට ලීටර 15 000 ක් පමණ ජල කඳක් ඇද හැලෙයි. මෙය ඉතාම මනස්කාන්ත දිය ඇල්ල කි.
Post a Comment