වැම්පයර් මුවා
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ දුටු විට භිය උපදවන සුළු සත්ව විශේෂයක් ගැනයි. කටින් දෙපසට මේ ආකාරයේ උල් දත් පෙනෙන නිසා පෙනුම නම් භයානකයි. එහෙත් මුවා කියන්නේ අහිංසක සතෙකි.
එයාගේ අරුම පුදුම දත් දෙක පිටතට නෙරා එන්නේ ආරක්ෂාව සලසා ගන්න යි.
අනතුරක් දැනුනොත් බල්ලෙකු වගේ බුරමින් , පුසෙකු වගේ විරුද්ධවාදියා වෙත කඩා පනියි. ගැහැණු පිරිමි සතුන් දෙවර්ගයටම අන් පිහිටයි. පිරිමි සතුන්ගේ උල්දත් වඩා දිගුයි. ඒවා 2.6 cm ක් පමණ දිගු විය හැකිය. මෙයා ඉතාම
දුර්ලභ සත්වයෙකි.
එයාගේ නළලේ කුඩා කළු පැහැ කෙස් පොදියක් දක්නට ලැබේ. මධ්‍යම චීනයේ සහ ඊසානදිග ඉන්දියාව මේ මුව විශේෂයේ වාස භූමි වේ. මුහුදු මට්ටමෙන් මීටර 400-4500 ක් පමණ ඉහළ කඳුකර පෙදෙස්වල මේ මුවා දක්නට ලැබේ යි. එයාගේ ආයු කාලය වසර 14 ක් පමණ වේ.
Post a Comment