Header Ads

ග්‍රෑන්ඩ් කැනියම

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ග්‍රෑන්ඩ් කැනියම ගැනයි. උතුරු ඇමෙරිකාවේ ඇරිසෝන උස් සානුව හරහා ගල බසින කොළරාඩෝ  ගංගාවෙන් කැපුණු කිලෝමීටර් 347 ක් දිග වූ දොරුව 'ග්‍රෑන්ඩ් කැනියම' නමින් හැදින්වේ.
කැනියමයක් යනු දළ ඉවුරු සහිත පටු ගැබුරු දොරුවකට ය. මෙය දැකිය හැක්කේ සුළු වැසි ලබන වියළි ප්‍රදේශයන්හි ය.මෙය ලොව දර්ශනියම කැනියම වේ. මෙහි බෑවුම් බිත්ති චිත්‍රයක් වැනිය. වර්ණවත් පාෂාණ ස්ථිර පටි මෙම කැනියමේ පිහිටයි. මතුපිටින් කිලෝමීටර් 6-29 දක්වා පළල වේ.දෙපස පිහිටි ආන්ශික් කැනියම් නිසා මෙය වඩාත් විසිතුරු වේ. මෙය දිගේ ගමන් කල මුල්ම පුද්ගලයා වන්නේ මේජර් ජේ. ඩබ්. පාවෙල් ය. ඒ 1869 දී ය. 1919 දී ඇමෙරිකා එක්සත් ජනපද රජය මෙහි ඉවුරු දිගේ වර්ග කිලෝමීටර් 2580 භූමියක් ජාතික වනෝද්‍යානය ලෙස වෙන් කර ඇත. 








No comments

Powered by Blogger.