දේදුනු යුකැලිප්ටස්
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ ඇති අපුර්වත්වයේ අරුම පුදුම නිමවුමක් ගැනයි. දීප්තිමත් වර්ණ අලේප කර තිබෙන්නාක් මෙන් පෙනෙන දේදුනු යුකැලිප්ටස් ගස ඉතාමත් ආකර්ෂණීය යි. එය දුටුවිට සිතන්නේ කවුරුන් හෝ ගසේ පොත්තේ පාට ගා ඇති බවයි.
දේදුන්නේ පාට කිහිපයක්ම මේ දේදුනු යුකැලිප්ටස් ගසේ පොත්තේ දක්නට ලැබෙයි.
පිලිපිනයට ආවේණික මේ ගස එහි පොතු නිරන්තරව හලා දමයි. එවිට ගසේ පොතුවල සැබෑ වර්ණය වන දීප්තිමත් කොළ පැහැය පිටතට පෙනෙයි. ගසේ පොතු පරණ වන තරමට ඒවා පැහැයෙන් පැහැයට එනම් කොළ , නිල් , දම් , තැබිලි සහ අවසානයට දුබුරු පැහැය වශයෙන් කලින් කලට වර්ණ වෙනස් වේ.
දුබුරු පැහැය පොත්තේ මරණය දක්වන අතර පොත්ත ගසින්ගැලවී හැලි යන්නේ ඒ අවස්ථාවේ දී යි. වර්ණවත් ගසේ කඳ දක්ෂ චිත්ර ශිල්පියෙකුගේ වර්ණ සංකලනයක් වගෙයි. විශේෂයෙන්ම කඩදාසි නිපදවීමට දේදුනු යුකැලිප්ටස් ගස් යොදා ගනු ලබයි. මෙය ඉතා සුන්දර ශාක විශේෂයකි.
Post a Comment