Header Ads

යෝධ බඕබැබ්

ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ විස්ක්මිත සොබාදහමේ තවත් අපුරු නිර්මාණයක් ගැනයි. සවානා බිම්වල වැවෙන බඕබැබ් , අඩි 100 ක් පමණ උසට වැඩෙන්නට හැකි , අඩි 30 ක් පමණ වුවත් මහත් විය හැකි සහිතයි. මෙයට වසර දහස් ගණනක් ආයුෂ තිබෙන අතර අප්‍රිකාවට , ඔස්ට්‍රේලියාවට හා මැඩගස්කරයට ආවේණික ශාකයක් ද වේ.
වසරේ මාස නවයක් පමණ බඕබැබ් ගස කොළ රහිතව පවතින අතර එවිට එය පෙනෙන්නේ උඩු යටිකුරු කළ ගසක් පරිද්දෙනුයි. 


බඕබැබ් ගසේ කඳ අසාමාන්‍ය ලෙස මහත්වීමට හේතුව එහි ජලය ගබඩා කර ගැනීමයි. වැසි සමයේ දී හැකිතාක් ජල ප්‍රමාණයක් උරාගෙන ගසේ කඳෙහි ගබඩා කරගන්නේ ඉන්පසු එළබෙන ජලය රහිත මාස නවය තුළ පැවැත්ම සුරක්ෂිත කරගැනීමට අවශ්‍ය නිසයි. දීර්ඝම කාලයක් ජලය නැතිව පැවතෙන්නට හැකි ශාකයක් ලෙසත් මෙය ප්‍රසිද්ධයි. 

යෝධ බඕබැබ් ගසේ පොතු , කොළ , ගෙඩි හා කඳ යනාදී සියලුම කොටස් භාවිතයට ගනී. පොතුවලින් ඇඳුම් හා ලණුත් , කොළවලින් කුළුබඩු හා බෙහෙත් සාදාගන්නා අතර ' වඳුරු පාත් ' ලෙස හඳුන්වන බඕබැබ් ගෙඩිත් රසවත් ආහාරයකි.


ලෝකයේ විවිධ තැන්වල අපුරු කඳ සහිත බඕබැබ් ගස් හමුවේ. සමහර ගස්වල කඳ කොතරම් මහතද යත් ඒවා ඇතුළේ ආපනශාලා , බිම්හල් පවා සාදා තිබෙයි. මෙම ගස් ඉතා වටිනා සම්පතකි.








No comments

Powered by Blogger.