සයිගා ඇන්ටිලොප්
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ තවත් අපුරු සත්ව විශේෂයක් ගැනයි. අන් දෙකක් සහ අපුරු හෝම්බකින් යුක්ත මේ සත්වයා ඇන්ටිලොප් මුව වර්ගයකි. සයිගා මුවා මිහිමත ජිවත්වන පැරණිම මෙන්ම දැඩි තර්ජනයට ලක් වූ විශේෂයකි.
ඔවුන් හඳුනාගැනීමට හැකි විශේෂම ලක්ෂණය වන්නේ අසාමාන්‍ය ලෙස විශාල හොඩවැලයි.
සයිගාවන් ජීවත්වන්නේ විශාල රංචු වශයෙනි. පැළෑටි හා වෙනත් සතුන්ට විෂ වන සමහර පැළෑටි වර්ග මොවුන් හානියක් රහිතවම ආහාරයට ගනියි. කාපෙතියන් කඳුවල සිට මොන්ගෝලියාව ඔස්සේ විශාල ප්‍රදේශයක පැතිර ගිය සයිගා මුවන්ගේ වර්තමාන නිවහන් වන්නේ ස්ටෙප්ස් බිම් හා කසකස්තානයේ පෙදෙස් කීපයක් පමණි.
සයිගා ඇන්ටිලොප් මුවන්ගේ ආයු කාලය වසර 6-10 ක් පමණ වේ. මෙයාගේ හොම්බ පිම්බුණු මොල්ලියක් වැනිය. එහි පෙනුම ඒ ආකාර වී තිබෙන්නේ සීතල දේශගුණයක් ඇති දුවිලි සහිත පෙදෙස්වල ජීවත්වීමට ලැබුණු අනුවර්තනයක් නිසාය. ඒ වගේම සයිගාවන් හොඳ ධාවන ශුරයෝ ය. මොවුන්ගේ විශාල ඇස්වල පෙනීම ඉතා තියුණුයි. ඒවාට සැතපුම් 6 ක් පමණ දුර පැහැදිලිව පෙනෙයි. මොවුන් දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇත.

Post a Comment