රොරයිමා කන්ද
ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ සොබාදහමේ අපුරත්වය විදහා පාන තවත් වටිනා ස්ථානය ක් ගැනයි. දිය ඇලි , ආවේණික ශාක හා සතුන් , ගුහා , අද්භූත හැඩ ගල් කැබලි ආදියෙන් යුත් මෙය තවමත් මිනිසුන්ගේ ගවේෂණවලින් බැහැර වූ නොයිදුල් ප්‍රදේශයකි.
දකුණු ඇමෙරිකාවේ බ්‍රසිලයත් , වෙනිසිවුලවත් , ගයනාවත් වෙන්වන දේශ සීමාවේ පිහිටි මීටර 2840 ක් උස් වූ විශ්මිත කඳු වැටියකි. මෙහි මුදුන් සමතලා ය. පාෂාණ පිහිටි තලා තිරස් අතට විහිදී පවතී. ඛාදනයට ලක් වීමෙන් මෙම පාෂාණ ගෙවී ගොස් විවිධ භූ රුප මවයි.ලොව උසම දිය ඇල්ල වන ''ඒන්ජල් දිය ඇල්ල'' ගලන්නේ මේ කන්දෙනි.
Post a Comment